Thursday, March 8, 2018

වැව්රුකන්නල රජමහා විහාරය (Wewrukannala Buduraja Mahaviharaya)


කාලෙකට පස්සේ blog එකක් ලියන්න හිතුනා.මේ දවස්වල ටිකක් වැඩ වැඩියි.
මම මීට කලින් උබලට කිව්ව සංකපාල රජමහා විහාරය ගැන.හැබැයි මේ රජමහා විහාරය නම් එහෙම නෙමෙයි.
මේක පිහිටලා තියෙන්නේ දික්වැල්ල-බෙලිඅත්ත පාරේ වැව්රුකන්නල bus stop එක ගාව.


මේකෙත් මහලොකු  වෙනස්කමක් නැ.හැබැයි normal පන්සලකට වඩා බලන්න දේවල් තියනවා.මුල ඉදන් කිව්වොත් මේකේ තියනවා අමුතු material එකකින් හැදුව බුදු පිළිමයක්, අපායක්, තව බිත්තිවල ඇදපු  ජාතක කතා ගොඩක්

https://www.google.lk/maps/place/Wewrukannala+Buduraja+Mahaviharaya/@5.9768114,80.6969013,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae13617df70e827:0x8a46b86c81e1ef22!8m2!3d5.9768061!4d80.69909

පිළිමේ ගැන කිව්වොත් ඒක හදලා තියන material එකේ නම මට මතක නැ.චුටි චුටි කෑලි ටිකක් එකතු කරලා හදල තියෙන්නේ.

තව විශේෂත්වයක් තියෙනවා.මේ බුදුපිලිමේ උඩටම ගොඩවෙන්නත් පුළුවන්.(මේ පැත්තෙන් නෙමේ)
චුටි චුටි කෑලි පේනවා ඇති.
උඩ ඉදන් බැලුවහම පේන්නේ ඔහොමයි.
මේකේ තියන චිත්‍ර ටිකකුත් දැන්නම්.





මේකේ තියන art ගැන අවබෝධයක් ගන්නයි මේවා දැම්මේ.
ඔයාලත් කතරගම යද්දී මෙතන බලලා ආධාරයකුත් දීලම යන්න.
මෙහෙම තැනුත් තියනවා.බලාගෙන යන්න.

















ලංකාවේ ලොකුම ඔරලෝසුව



පොත් රාක්කෙ.

Thursday, February 8, 2018

පරවි දුපත (Paravi Duwa )

ආයුබෝවන්.මම අද කියන්න යන්නේ කට්ටිය කතරගම යද්දී  බලන්න යන්න පුළුවන් තැනක් ගැන. උබලා මඩොල් දුව බලන්න ගියාට පරවි දුපතට ගිහින් නෑනේ.බලපල්ලා මේක කොහෙද තියෙන්නේ කියලා.



මේ පේනවා ඇති.For the first time in history මට පුළුවන් උනා location එක google map එකෙන් දක්වන්න.හැබැයි මේකත් photo එකක් විතරයි . Anyway  මේක තියෙන්නේ මාතර . මාතර fort එක හරියේ.
ඊලග දේ තමයි මේ දුපතේ තමයි පරවි දුව විහාරය තියෙන්නේ.දැනටමත් තේරෙන්න ඇති මේ දුපත තනිකරම පන්සලක් බව.වෙන මොනවත්ම නැ. දුපත පුරාම පන්සල තමයි තියෙන්නේ.දූපතත් මහා ලොකු නැ.
මේකයි තැන.
යන්න තියෙන්නේ suspension bridge එකකින්.එකේ යද්දී පොඩ්ඩක් බයක් දැනෙනවා.පොඩි ළමයින්ට විශේෂයෙන්.
දැන් ඉතින් පන්සල වැදපුදාගෙන එන්න කලින් මතක්කරලම ගන්ටාරේ ගහලා එන්න.
වෙන්නම් කියන්න දෙයක් නැ. සල්ලි බාගේ තියනවනම් ආධාරයකුත් කරලා එන්න.
දාන්න තරම් හොද photo එකක් මං ගාව තිබ්බේ නැ.sorry වෙන්න ඕන ඒකට.
 from internet
from internet
from internet 


 from internet
from internet


Written by - Raveen Pathirana

Sunday, January 28, 2018

Ranminithenna Tele Cinema Village - රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය.

ආයුබෝවන් . මම අද උබලට කියන්න යන්නේ අමුතුම තැනක් ගැන."ටෙලි සිනමා ගම්මානය " කිව්වහම උබලට අවුල් යන්න ඇති මොන මගුලක්ද මේ කියල. හොදයි අපි බලමු.

අන්තර්ජාලයෙනි.

ඇත්තටම මේක film shoot කරන්න හැදුව තැනක්.ඒ කියන්නෙ චිත්‍රපට නිර්මාණය කරන්න හැදුව තැනැක්. film ෂූට් කරන තැනක් කිව්වහම universal studio වගේ එකක් බලාපොරොත්තු වෙන්න එපා.
ලංකාව තවම සංවර්ධනය වෙමින් පවතින රටක් හින්දා අපිට universal studio වගේ එකක් හදන්න බැ.

මේ තියෙන්නේ යුනිවර්සල් ස්ටුඩියෝ එක.
 බලහන්කො ලස්සන.දැක්ක්කහම ඇඩෙනවා.


anyway 
මුලින්ම අපි location එක ගැන කතා කලොත් මේක තියෙන්නෙත් තිස්සමහාරාම කතරගම පාරෙමයි. ඒ හින්ද කතරගම යද්දී මේකත් බලන්න පුළුවන්.location එක ගුගල් මැප් එකේ තියනවා.හැබැයි මේක තියෙන්නේනම් පාර අයිනේම නෙමෙයි.පොඩි පාරක ඇතුලට යන්න තියෙනවා.
මෙතන film ෂූට් කරන තැනක් හින්දා පොඩි පොඩි නීති තියනවා.ඔයාට කිසිම වර්ගේක කැමරාවක් ඇතුලට ගෙනියන්න ලැබෙන්නේ නැ.photo ගහන්න දෙන්නේ ෆෝන් වලින් විතරයි.
මුලින්ම ඔයාට gate එක ලගදි ටිකට් ගන්න වෙනවා.ටිකට් අරගෙන ඉස්සරහට යද්දී ඔයාට මුලින්ම හම්බෙනවා වටේටම ටකරං ගහපු පතාර බිල්ඩිමක්.ඒක ඇතුලට යන්න . ඒක ඇතුලේ තමයි එළියේ කරන්න බැරි සියලු රුගතකිරීම් කරන්නේ.විස්තර කියල දෙන්නේ එතන එක්කනෙක් ඉන්නවා.
ඒක බලලා පාර දිගේ තව තව  ටිකදුරක් යන්න වෙනවා.

ඊට පස්සේ buildings ගොඩක් පෙනෙයි. දැන් ඉතින් කොහෙට හියත් එකයි.එක මුල්ලක ඉඳන් බලාගෙන එන්න.හැබැයි එකක්වත් මගඇරගන්න එපා.
මේ වගේ ගොඩක් දේවල් මෙතන තියනවා 



කැලේ වලව්ව 




 මහදවල් ට්‍රෑම් මංකොල්ලකෑම 

මේ සේරම හදල තියෙන්නේ එළියේ කරන shooting වලට විතරයි. ගෙවල් ඇතුලේ කොටස් ෂූට් කරන්නේ අර ටකරං බිල්ඩිමේ.
ගොඩක් හොද film මෙතන ෂූට් කරලා තියනවා.
ඒ හින්ද අනිවාරෙන්ම මෙතන බලන්න යන්න.මේවා බලබලා ලංකාවේම ඉන්න හිතන්න එපා.කවදාහරි universal studio වගේ එව්වා බලන්න යමල්ලා.මම බලන්න යන්න හිතන් ඉන්න තැන්වලින් උඩින්ම තියන එකක් තමයි universal studio එක.



Written By - Raveen Pathirana

වැව්රුකන්නල රජමහා විහාරය (Wewrukannala Buduraja Mahaviharaya)

කාලෙකට පස්සේ blog එකක් ලියන්න හිතුනා.මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. මම මීට කලින් උබලට කිව්ව සංකපාල රජමහා විහාරය ගැන.හැබැයි මේ රජමහා විහාරය ...