රූමස්සල තියෙන්නේත් කොලබ - කතරගම පාරේ ගාල්ල ආසන්නයේ.ඒ හින්ද කතරගම ගිහිල්ල එද්දී හෝ කතරගම යද්දී මේක බලන්න යන්න පුළුවන්.මෙතන මුහුද එච්චරම රළු නැ.ඒ හින්ද මෙතැනදී මුහුදේ නාන්න උනත් බැරිකමක් නැ.කොහොමඋනත් මුහුදේ නාන එකනම් මම අනුමත කරන්නේ නැ.මම කියන්නෙ ඒක කරන්න කිසි උවමනාවක් නැ.නාන්න ඕනේ නම් shower තියනවා,bathroom තියනවා.මොකටද මුහුදේ නාන්නේ.මුදේ නෑවට වැඩිපුර ඇග පිරිසිදු වෙන්නේ නෑනේ.අනික ආතල් ගන්න ඕනේ නම් තව කරන්න ඕනෙතරම් වැඩ තියනවා.මොකටද ජීවිතය පරදුවට තියලා ආතල් ගන්නේ.උබලා ඒ ගැනත් හිතහල්ලා.
anyway මේකේ විශේෂත්වය තමයි එක පැත්තක beach එකක් හා තවත් පැත්තක කැලයක් පිහිටා තිබීමයි.beach එකට යන්න තියෙන්නේ කැලේ මැද්දෙන් . ගල් ,මුල් ,ගිරි,දුර්ග,පසුකරගෙන යන්න තියෙන්නේ.කඩුගන්නාව වගේ .පොඩි කන්දක් නැගල බහින්නත් තියනවා.මේ හින්ද ඔයා ට්‍රිප් එක යන්නේ වයසක කට්ටිය එක්ක නම් මෙතනට යන ඒක අමාරු වෙයි.කොල්ලන්ට නම් ඒක වැඩක් නෙමෙයි.
ඊට පස්සේ උබලා මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මෙතන ඉන්නේ ලංකාවේ එවුන් විතරක් නෙමෙයි කියන එක. foreigners ලත් ගොඩක් ඉන්නවා.උබලා උන්ට කරදර කරන්නේ නැතිව උබලගේ වැඩේ කරගෙන වරෙල්ලා.බොරුවට කරදර ඇතිකර ගන්නේ මොකටද?
මෙතන photos නම් අඩුයි .මම ගහපු photo කොහෙද කියල හොයාගන්න බැ. මේවා සේරම අන්තර්ජාලයෙන් ගත්තුවා. anyway අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙහෙ වෙරල ආරක්ෂකයෝ නැ.පොලිසිය නැ.ඒ හින්ද තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සලසා ගන්න එක හොදයි ඒ හින්ද මුහුදේ නාන්න කලින් දෙවරක් හිතහල්ලා.අනික පොලිසිය,මුරකාරයෝ නැ කියල දකින දකින තැන කුණු දාන්න එපා. එතන වනසලා එන්න එපා.
මීලග blog එකෙන් නැවත හමුවෙමු.
කැලේ මැද පාර
Written By - Raveen Pathirana
No comments:
Post a Comment