මම එහෙම කියන්න එක හේතුවක් තමයි මෙතනට ගියා කියල අපිට ඉගෙනගන්න දෙයක් නැ , දැකල සතුටුවෙන්න දෙයක් නැ .ගලක ඇදපු හක්ගෙඩියක් බලලා එන්නයි තියෙන්නේ.හක්ගෙඩියක් බැලීමේ ප්‍රයෝජනය කුමක්ද කියන ප්‍රශ්නෙයි මට තියෙන්නේ.
අපි එව්වා අමතක කරලා හොද පැත්ත කතා කලොත් , කට්ටිය කියන්නෙ මේ තියෙන්නේ පුස්සදේව මහරහතන් වහන්සේගේ භාස්මාවශේස තැම්පත් කල වෙහෙර කියලයි..අනික් විශේෂත්වය තමයි මේ පන්සලේ තියන ගලක හක්ගෙඩියක් ඇදලා තියනවා. කට්ටිය කියන්නෙ පුස්සදේව යෝදයාගේ හක්ගෙඩිය නිදන් කරලා තියෙන්නේ මෙතන කියලා.
මෙතනට එන විදිය අපි මුලින්ම කතා කරමු.
මේක පිහිටලා තියෙන්නේ A 18 පාරේ. අයිනෙමයි තියෙන්නේ.හොයාගන්නත් ලේසියි. පල්ලෙබැද්ද ටවුමේ ඉදන් කිලෝමීටර 11 විතර පැල්මඩුල්ල-ඇඹිලිපිටිය පාරේ ඇඹිලිපිටිය යනකොට මේක හම්බෙනවා. හොයාගන්න කිසිම අමාරුවක් වෙන්නේ නැ.
මෙතන තියන දේවල් ගැන කියනවනම් ගොඩක් තියෙන්නේ ගල්ගුහා තමයි.පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මේ වෙනකොට මෙතන ගල්ගුහා 14 තියනවා කියල හොයාගෙන තියෙනවා. සෙලිලිපි වගේ දේවලුත් නැතුවා නොවේ.තව ඇත්දළ මිටක් තියෙන වටාපතක් , රත්තරන් පන්හිදක් හෙමත් තියනවලු.(මමවත් එව්වා දැක්කේ නැ.)
මේ තියෙන්නේ හක් ගෙඩිය.
ට්‍රිප් එක යද්දී රෙස්ට් එකට නවතින්න හොද තැනක් විදියට මේක පෙන්නන්න පුළුවන්.මෙතන නැවතිලා පන්සල වැදලා දේවාලේ බලලා ෆොටෝ ගහලා අයිස් ක්රීම් එකකුත් කාලම යන්න.බත් කන්නත් මෙතන නරකම නැ.
මෙතන පන්සලක් හින්දා පන්සලකට යන විදියට ගිහිල්ලා පන්සලක ඉන්න විදියට හැසිරියල්ලා.
No comments:
Post a Comment