Sunday, January 28, 2018

Ranminithenna Tele Cinema Village - රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය.

ආයුබෝවන් . මම අද උබලට කියන්න යන්නේ අමුතුම තැනක් ගැන."ටෙලි සිනමා ගම්මානය " කිව්වහම උබලට අවුල් යන්න ඇති මොන මගුලක්ද මේ කියල. හොදයි අපි බලමු.

අන්තර්ජාලයෙනි.

ඇත්තටම මේක film shoot කරන්න හැදුව තැනක්.ඒ කියන්නෙ චිත්‍රපට නිර්මාණය කරන්න හැදුව තැනැක්. film ෂූට් කරන තැනක් කිව්වහම universal studio වගේ එකක් බලාපොරොත්තු වෙන්න එපා.
ලංකාව තවම සංවර්ධනය වෙමින් පවතින රටක් හින්දා අපිට universal studio වගේ එකක් හදන්න බැ.

මේ තියෙන්නේ යුනිවර්සල් ස්ටුඩියෝ එක.
 බලහන්කො ලස්සන.දැක්ක්කහම ඇඩෙනවා.


anyway 
මුලින්ම අපි location එක ගැන කතා කලොත් මේක තියෙන්නෙත් තිස්සමහාරාම කතරගම පාරෙමයි. ඒ හින්ද කතරගම යද්දී මේකත් බලන්න පුළුවන්.location එක ගුගල් මැප් එකේ තියනවා.හැබැයි මේක තියෙන්නේනම් පාර අයිනේම නෙමෙයි.පොඩි පාරක ඇතුලට යන්න තියෙනවා.
මෙතන film ෂූට් කරන තැනක් හින්දා පොඩි පොඩි නීති තියනවා.ඔයාට කිසිම වර්ගේක කැමරාවක් ඇතුලට ගෙනියන්න ලැබෙන්නේ නැ.photo ගහන්න දෙන්නේ ෆෝන් වලින් විතරයි.
මුලින්ම ඔයාට gate එක ලගදි ටිකට් ගන්න වෙනවා.ටිකට් අරගෙන ඉස්සරහට යද්දී ඔයාට මුලින්ම හම්බෙනවා වටේටම ටකරං ගහපු පතාර බිල්ඩිමක්.ඒක ඇතුලට යන්න . ඒක ඇතුලේ තමයි එළියේ කරන්න බැරි සියලු රුගතකිරීම් කරන්නේ.විස්තර කියල දෙන්නේ එතන එක්කනෙක් ඉන්නවා.
ඒක බලලා පාර දිගේ තව තව  ටිකදුරක් යන්න වෙනවා.

ඊට පස්සේ buildings ගොඩක් පෙනෙයි. දැන් ඉතින් කොහෙට හියත් එකයි.එක මුල්ලක ඉඳන් බලාගෙන එන්න.හැබැයි එකක්වත් මගඇරගන්න එපා.
මේ වගේ ගොඩක් දේවල් මෙතන තියනවා 



කැලේ වලව්ව 




 මහදවල් ට්‍රෑම් මංකොල්ලකෑම 

මේ සේරම හදල තියෙන්නේ එළියේ කරන shooting වලට විතරයි. ගෙවල් ඇතුලේ කොටස් ෂූට් කරන්නේ අර ටකරං බිල්ඩිමේ.
ගොඩක් හොද film මෙතන ෂූට් කරලා තියනවා.
ඒ හින්ද අනිවාරෙන්ම මෙතන බලන්න යන්න.මේවා බලබලා ලංකාවේම ඉන්න හිතන්න එපා.කවදාහරි universal studio වගේ එව්වා බලන්න යමල්ලා.මම බලන්න යන්න හිතන් ඉන්න තැන්වලින් උඩින්ම තියන එකක් තමයි universal studio එක.



Written By - Raveen Pathirana

No comments:

Post a Comment

වැව්රුකන්නල රජමහා විහාරය (Wewrukannala Buduraja Mahaviharaya)

කාලෙකට පස්සේ blog එකක් ලියන්න හිතුනා.මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. මම මීට කලින් උබලට කිව්ව සංකපාල රජමහා විහාරය ගැන.හැබැයි මේ රජමහා විහාරය ...