මෙහෙමයි සීන් ඒක.මේ පාර්ක් ඒක රජයේ පාර්ක් එකක්.මේක තියෙන්නේ රිදියාගම . රිදියාගම තියෙන්නේ සූරියවැව පැත්තේ.
https://www.google.lk/maps/place/Ridiyagama+Safari+Park/@6.2468436,80.9824649,15z/data=!4m5!3m4!1s0x0:0x96140a1ee9d5844f!8m2!3d6.2468436!4d80.9824649
මේකේ සෆාරිය යන්න තියෙන්නේ කැබ් වල නෙමෙයි.AC බස් වල.ගමනට පැයක් විතර යනවා.හැබැයි ගමන පට්ට. මෙහෙම සීන් එකකුත් තියනවා.මේ ගමනේදී පාර්ක් එකේ එන්න සියලු සත්තු ඔයාට දකින්න ලැබෙන්නේ නෑ.මොකද සත්තු එන්නේ නිදැල්ලේ හින්දා උන් කොහේ ඉන්නවද කියල කව්රුත් දන්නේ නැ.
මේකේ දැනට කලාප 3ක් තියනවා .1.ශාක භක්ෂක
2.ආසියානු අලි
3.අප්‍රිකානු සිංහ
මේකේ තව බෙංගාල කොටි කලපයකුත් පටන්ගන්නවා කියල කිව්වා.
අපි ට්‍රිප් ඒක ගැන කතා කලොත් අපි යන බස් එකක ගයිඩ්ලා දෙන්නෙක් යනවා.එයාල දෙන්නගෙන් එකෙක් අපට සත්තු ගැන කියලදෙද්දී තව එකෙක් සත්තු ඉන්නවද කියල බලනවා.කොතනකහරි සතෙක් හිටියොත් driver බස් එක නවත්තලා ටික වෙලාවක් ඉන්නවා අපට photo ගහගන්න එහෙම.
බලහන්කො සිංහයා පාරේ ඉන්න හැටි .
මට කලින් කියන්න බැරිඋනා මේ පාර්ක් ඒක වටා විදුලි වැටක් තියනවා . පාර්ක් ඒක ඇතුලේ බස් වලට යන්නම වෙනම පාරක් තියනවා .
මේකේ ටිකට් එකක් වෙන්නේ රුපියල් 300 . මම නම් හිතන්නේ රුපියල් 300 ට ඔයාට හොද ට්‍රිප් එකක් ලැබෙනවා . ඒ හින්දා ඔයා කතරගම යනාවනම් මේක බලන්න යන්න තියන සුපිරි තැනක් .
Written by - Raveen Pathirana
No comments:
Post a Comment