උණුදිය උල්පත් කිව්වහම උබලට මතක් වෙන්නේ thrinco වල උණුදිය උල්පත් නේ.හැබැයි උණුවතුර ළිං තියෙන්නේ thrinco වල විතරක් නෙමෙයි.
උණුවතුර ළිං කිව්වට වතුර සෙල්සියස් අංශක 90 ට විතර රස්නේ ඇති කියල උබලා හිතන්න එපා.මේකේ average temperature එක සෙල්සියස් අංශක 42 විතර ලු.යන්තම් රස්නයක් දැනෙනවා.මෙතන හදල නම් තියෙන්නේ නාන්නත් පුළුවන් විදියට.ඒත් මම නම් කියන්නෙ මෙතන නාන්න එපා.මෙතන බලලා මුණ හෝදගෙන කකුල් හෝදගෙන එන්න.ගොඩ දුරක් drive කරානම් විවේක ගන්න ස්ථානයක් විදියටනම් මෙතන සුපිරි .
තව එකක්. මෙතන උණුදිය උල්පත් කියලා ලොකුවට ගහල තිබ්බට මෙතන තියෙන්නේ උණුදිය උල්පත් විතරක් නෙමෙයි.මේකේ පොඩි සත්තු වත්තක් ,children's park එකක් මින් මැදුරක් වගේ දේවලුත් තියනවා.ඒකයි මම කිව්වේ විවේක ගන්න තැනක් විදියට මෙතන හොදයි කියලා. මේක තියෙන්නෙත් රිදියාගම සෆාරි පාර්ක් එක ගාව.මේ පැත්තට යනවා නම් මේ තැන් දෙකටම යන්න.මොකේට මුලින් යනවද කියල කියන එක ඔයාගේ තීරණයක්.මම නම් කියන්නෙ මුලින් සෆාරිය යමල්ලා.
මෙතන තියන දේවල් ගැන කතා කලොත් මුලින්ම ඔයාට ටිකට් ගන්න වෙනවා . ටිකට් එක රුපියල් 30 . ඊට පස්සේ ඇතුලට ගියහම මුලින්ම තියෙන්නේ උණුවතුර ළිද . එකෙන් මුණ හෝදගෙන එහෙම යන්න පහලට
එතකොට ඔයාට හම්බවෙනවා සත්තු වත්ත.මේක දෙහිවල සත්තු වත්ත වගේ නෙමෙයි. මේකේ ඉන්නේ හවෝයි, කුකුල්ලුයි, කුරුල්ලෝයි විතරයි. මාළුවෝ ටිකකුත් ඉන්නවා.
සත්තු වත්තේ පොටෝ මම පහලින් දාන්නම් . වෙන්නම් බලන්න කියල දෙයක් නැ. මෙතන පොඩ්ඩක් වාඩිවෙලා ඉදලා ,ෆොටෝස් ටිකක් අරගෙන එහෙම යන්න.
මෙතන කුනුදාලා ආතල් ගන්න හදන්න එපා.මිනිස්සු වගේ වැඩකරහල්ලා
මීලග blog එකෙන් හමුවෙමු.
Written By - Raveen Pathirana
ආඩම්බර කාරයා.
No comments:
Post a Comment