weather එක වෙනස් උනත් ලස්සන නම් අඩුයි කියලා කියන්න බැ.ඒ තරම් හොදට maintain කරනවා.
මේකේත් කලාප කීපයක්ම තියනවා .orchid කලාපයකකුත් තියනවා ලස්සනට හදපු.
anyway මේකේ locationඑක ගැන කතාකලොත් මේක තියෙන්නේ airport එක ගාව. ඒ හින්දා මේක බලන්න අපුවහම airport එකත් බලලම යන්න.airport එක open 6 A.M. to 6 P.M .
මේකේ ගොඩක් තියෙන්නේ වියලි කලාපීය ශාක . ඒ හින්දා ස්ටෝබෙරි ගස් හෙම බලාපොරොත්තු වෙන්න එපා.නමුත් නැදුන් ,බුරුත ,කළුවර ,පලු වගේ ගස් නම් ගොඩක් තියනවා.
ඒ වගේම ඔයා හොදට සල්ලි බාගේ තියන කෙනෙක් නම් ඔයාට මේ සම්පුර්ණ ගාඩ්න් ඒක electric වාහනේක ගිහින් බලාගන්න පුළුවන්.එක වාහනේක 8කට විතර යන්න පුළුවන් . ගාන Rs 4000 - 5000 විතර වෙනවා .පයින් යනවනම් අක්කර 300 තියනවා ඇවිදින්න.
කෙසේඋනත් ඔයා නගරයේ ජීවත් වෙන ගස් කොලන් ගැන අවබෝදය අඩු එක්කනේක්නම් ඔයා මේක අනිවාර්යෙන්ම බලන්න ඕනේ .
අවසාන වශයෙන් කියන්න ඕනේ මේක මොන ආණ්ඩුවෙන් හැදුවා උනත් මේ වගේ තැන් රැකගනිල්ලා.බලන්න ගියහම වනසලා එන්න එපා .ඔයාට පොලිතීන් වගේ දේවල් ගෙනියන්න නම් අවසර ලැබෙන එකක් නැ.මොනවා උනත් මේ වගේ තැන් රැකගනිල්ලා.
see you in my next blog
Written By - Raveen Pathirana
No comments:
Post a Comment