Sunday, January 28, 2018

Ranminithenna Tele Cinema Village - රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය.

ආයුබෝවන් . මම අද උබලට කියන්න යන්නේ අමුතුම තැනක් ගැන."ටෙලි සිනමා ගම්මානය " කිව්වහම උබලට අවුල් යන්න ඇති මොන මගුලක්ද මේ කියල. හොදයි අපි බලමු.

අන්තර්ජාලයෙනි.

ඇත්තටම මේක film shoot කරන්න හැදුව තැනක්.ඒ කියන්නෙ චිත්‍රපට නිර්මාණය කරන්න හැදුව තැනැක්. film ෂූට් කරන තැනක් කිව්වහම universal studio වගේ එකක් බලාපොරොත්තු වෙන්න එපා.
ලංකාව තවම සංවර්ධනය වෙමින් පවතින රටක් හින්දා අපිට universal studio වගේ එකක් හදන්න බැ.

මේ තියෙන්නේ යුනිවර්සල් ස්ටුඩියෝ එක.
 බලහන්කො ලස්සන.දැක්ක්කහම ඇඩෙනවා.


anyway 
මුලින්ම අපි location එක ගැන කතා කලොත් මේක තියෙන්නෙත් තිස්සමහාරාම කතරගම පාරෙමයි. ඒ හින්ද කතරගම යද්දී මේකත් බලන්න පුළුවන්.location එක ගුගල් මැප් එකේ තියනවා.හැබැයි මේක තියෙන්නේනම් පාර අයිනේම නෙමෙයි.පොඩි පාරක ඇතුලට යන්න තියෙනවා.
මෙතන film ෂූට් කරන තැනක් හින්දා පොඩි පොඩි නීති තියනවා.ඔයාට කිසිම වර්ගේක කැමරාවක් ඇතුලට ගෙනියන්න ලැබෙන්නේ නැ.photo ගහන්න දෙන්නේ ෆෝන් වලින් විතරයි.
මුලින්ම ඔයාට gate එක ලගදි ටිකට් ගන්න වෙනවා.ටිකට් අරගෙන ඉස්සරහට යද්දී ඔයාට මුලින්ම හම්බෙනවා වටේටම ටකරං ගහපු පතාර බිල්ඩිමක්.ඒක ඇතුලට යන්න . ඒක ඇතුලේ තමයි එළියේ කරන්න බැරි සියලු රුගතකිරීම් කරන්නේ.විස්තර කියල දෙන්නේ එතන එක්කනෙක් ඉන්නවා.
ඒක බලලා පාර දිගේ තව තව  ටිකදුරක් යන්න වෙනවා.

ඊට පස්සේ buildings ගොඩක් පෙනෙයි. දැන් ඉතින් කොහෙට හියත් එකයි.එක මුල්ලක ඉඳන් බලාගෙන එන්න.හැබැයි එකක්වත් මගඇරගන්න එපා.
මේ වගේ ගොඩක් දේවල් මෙතන තියනවා 



කැලේ වලව්ව 




 මහදවල් ට්‍රෑම් මංකොල්ලකෑම 

මේ සේරම හදල තියෙන්නේ එළියේ කරන shooting වලට විතරයි. ගෙවල් ඇතුලේ කොටස් ෂූට් කරන්නේ අර ටකරං බිල්ඩිමේ.
ගොඩක් හොද film මෙතන ෂූට් කරලා තියනවා.
ඒ හින්ද අනිවාරෙන්ම මෙතන බලන්න යන්න.මේවා බලබලා ලංකාවේම ඉන්න හිතන්න එපා.කවදාහරි universal studio වගේ එව්වා බලන්න යමල්ලා.මම බලන්න යන්න හිතන් ඉන්න තැන්වලින් උඩින්ම තියන එකක් තමයි universal studio එක.



Written By - Raveen Pathirana

Tuesday, January 23, 2018

සංඛපාල රජමහා විහාරය

ආයුබෝවන්. මම අද කියන්න යන්නේ කොලබ කතරගම් පාරේ තියන තවත් බලන්න යන්න පුළුවන් තැනක් ගැනයි.මෙතනට අනිවාර්යයෙන්ම යා යුතුයි කියල මම කියන්නෙ නැ . මොකද කිව්වොත් මම යන්න කැමති නැති තැනකට අනික් මිනිස්සුන්ට යන්න කියල කියන්න මම කැමති නැ.
                   


මම එහෙම කියන්න එක හේතුවක් තමයි මෙතනට ගියා කියල අපිට ඉගෙනගන්න දෙයක් නැ , දැකල සතුටුවෙන්න දෙයක් නැ .ගලක ඇදපු හක්ගෙඩියක් බලලා එන්නයි තියෙන්නේ.හක්ගෙඩියක් බැලීමේ ප්‍රයෝජනය කුමක්ද කියන ප්‍රශ්නෙයි  මට තියෙන්නේ. 
අපි එව්වා අමතක කරලා හොද පැත්ත කතා කලොත් , කට්ටිය කියන්නෙ මේ තියෙන්නේ පුස්සදේව මහරහතන් වහන්සේගේ භාස්මාවශේස තැම්පත් කල  වෙහෙර  කියලයි..අනික් විශේෂත්වය තමයි මේ පන්සලේ තියන ගලක හක්ගෙඩියක් ඇදලා තියනවා.  කට්ටිය කියන්නෙ පුස්සදේව යෝදයාගේ හක්ගෙඩිය නිදන් කරලා තියෙන්නේ මෙතන කියලා.
මෙතනට එන විදිය අපි මුලින්ම කතා කරමු.

මේක පිහිටලා තියෙන්නේ A 18 පාරේ. අයිනෙමයි තියෙන්නේ.හොයාගන්නත් ලේසියි. පල්ලෙබැද්ද ටවුමේ ඉදන් කිලෝමීටර 11 විතර පැල්මඩුල්ල-ඇඹිලිපිටිය පාරේ ඇඹිලිපිටිය යනකොට මේක හම්බෙනවා. හොයාගන්න කිසිම අමාරුවක් වෙන්නේ නැ.
මෙතන තියන දේවල් ගැන කියනවනම් ගොඩක් තියෙන්නේ ගල්ගුහා තමයි.පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මේ වෙනකොට මෙතන ගල්ගුහා 14 තියනවා කියල හොයාගෙන තියෙනවා. සෙලිලිපි වගේ දේවලුත් නැතුවා නොවේ.තව ඇත්දළ මිටක් තියෙන වටාපතක් , රත්තරන් පන්හිදක් හෙමත් තියනවලු.(මමවත් එව්වා දැක්කේ නැ.)

 මේ තියෙන්නේ හක් ගෙඩිය.


ට්‍රිප් එක යද්දී රෙස්ට් එකට නවතින්න හොද තැනක් විදියට මේක පෙන්නන්න පුළුවන්.මෙතන නැවතිලා පන්සල වැදලා දේවාලේ බලලා ෆොටෝ ගහලා අයිස් ක්රීම් එකකුත් කාලම යන්න.බත් කන්නත් මෙතන නරකම නැ.
මෙතන පන්සලක් හින්දා පන්සලකට යන විදියට ගිහිල්ලා පන්සලක ඉන්න විදියට හැසිරියල්ලා.

Sunday, January 14, 2018

Madunagala Hot Springs - මදුනාගල උණුදිය උල්පත්

ආයුබෝවන් .මම අද කියන්න යන්නේ කොලබ කතරගම පාරේ බලන්න තියන තවත් තැනක් ගැන.
            උණුදිය උල්පත් කිව්වහම උබලට මතක් වෙන්නේ thrinco  වල උණුදිය උල්පත් නේ.හැබැයි උණුවතුර ළිං තියෙන්නේ thrinco වල විතරක් නෙමෙයි.


උණුවතුර ළිං කිව්වට වතුර සෙල්සියස් අංශක 90 ට විතර රස්නේ ඇති කියල උබලා හිතන්න එපා.මේකේ average temperature එක සෙල්සියස් අංශක 42 විතර ලු.යන්තම් රස්නයක් දැනෙනවා.මෙතන හදල නම් තියෙන්නේ නාන්නත් පුළුවන් විදියට.ඒත් මම නම් කියන්නෙ මෙතන නාන්න එපා.මෙතන බලලා මුණ හෝදගෙන කකුල් හෝදගෙන එන්න.ගොඩ දුරක් drive කරානම් විවේක ගන්න ස්ථානයක් විදියටනම් මෙතන සුපිරි . 
තව එකක්. මෙතන උණුදිය උල්පත් කියලා ලොකුවට ගහල තිබ්බට මෙතන තියෙන්නේ උණුදිය උල්පත් විතරක් නෙමෙයි.මේකේ පොඩි සත්තු වත්තක් ,children's park එකක් මින් මැදුරක් වගේ දේවලුත් තියනවා.ඒකයි මම කිව්වේ විවේක ගන්න තැනක් විදියට මෙතන හොදයි කියලා. මේක තියෙන්නෙත් රිදියාගම සෆාරි පාර්ක් එක ගාව.මේ පැත්තට යනවා නම් මේ තැන් දෙකටම යන්න.මොකේට මුලින් යනවද කියල කියන එක ඔයාගේ තීරණයක්.මම නම් කියන්නෙ මුලින් සෆාරිය යමල්ලා.
මෙතන තියන දේවල් ගැන කතා කලොත් මුලින්ම ඔයාට ටිකට් ගන්න වෙනවා . ටිකට් එක රුපියල් 30 . ඊට පස්සේ ඇතුලට ගියහම මුලින්ම තියෙන්නේ උණුවතුර ළිද . එකෙන් මුණ හෝදගෙන එහෙම යන්න පහලට 


එතකොට ඔයාට හම්බවෙනවා සත්තු වත්ත.මේක දෙහිවල සත්තු වත්ත වගේ නෙමෙයි. මේකේ ඉන්නේ හවෝයි, කුකුල්ලුයි, කුරුල්ලෝයි විතරයි. මාළුවෝ ටිකකුත් ඉන්නවා.
සත්තු වත්තේ පොටෝ මම පහලින් දාන්නම් . වෙන්නම් බලන්න කියල දෙයක් නැ. මෙතන පොඩ්ඩක් වාඩිවෙලා ඉදලා ,ෆොටෝස් ටිකක් අරගෙන එහෙම යන්න.  
මෙතන කුනුදාලා ආතල් ගන්න හදන්න එපා.මිනිස්සු වගේ වැඩකරහල්ලා

මීලග blog එකෙන් හමුවෙමු.

Written By - Raveen Pathirana



 ආඩම්බර කාරයා.




Saturday, January 13, 2018

Victoria Park - වික්ටෝරියා පාර්ක්

ආයුබෝවන් .මම අද කියන්න යන්නෙත් ට්‍රිප් එකක් ගිහින් බලන්න තියෙන හොද තැනක් ගැන.නමුත් මේක තියෙන්නේ නම් කොලබ කතරගම පාරේ නෙමෙයි.මේක පිහිටලා තියෙන්නේ නුවරඑළියේ.
               මේකත් හරියට හක්කල,පේරාදෙණිය වගේම පාර්ක් එකක්.හරිම ලස්සනයි.අනික මිරිජ්ජවිල ගාඩ්න් එක වගේ නෙමෙයි මේකට ගියහම අමුතුම සනීපයක් දැනෙනවා.උබට උණ හෙම්බිරිස්සාව තියනවනම් එහෙම දැනෙන්නේ නැති වෙයි.මම කිව්වේ නිරෝගී එවුන්ට මාර සනීපයක් දැනෙනෙවා.
             

             මේකේ ඉතිහාසය ගැන කියනවනම් මේක හදලා තියෙන්නේ හක්කල ගාඩ්න් එකේ පරීක්ෂණ කරන තැන විදියට.මේකේ හිටවල තියන පලවෙනි ගහ ඕක් ගහක් . හිටවලා තියෙන්නේ ජර්මානු රාජ කුමාරිකාවක්.
මේ තියෙන්නේ ඕක් ගහක්.


මේකේ තියන තවත් විශේෂත්වයක් තමයි නානු ඔය(ගග) මේක හරහා ගමන් කරනවා.මේක මගින් පාර්ක් එක ඇතුලේ තියන පොකුණු ගණනාවක් පෝෂණය වෙනවා.
             ඒ වගේම මේකෙත් ගොඩක් ඇවිදින්න තියනවා.පාර්ක් ඒක අක්කර 27 පුරා පැතිරිලා තියනවා.ලේසි වෙන්නේ නැ.මේ සීතලේ අක්කර 27 ඇවිදිනවා කියන්නෙ වහකනවා වගේ වැඩක්.
              ඊළගට කියන්න තියෙන්නේ ඇවිදිල්ල ගැන. මේ පාර්ක් එකේ ලංකාවේ සාමාන්‍යයෙන් දකින්න නැති දේවල් පවා තියනවා.හරියට pergolaවගේ දේවල්.

 pergola කියන්නෙ මේ ලී වලින් හදල තියන ඒවාට.

වෙන්නම් කියන්න කියල තියෙන්නේ මේ පාර්ක් එක අවසානේ පොඩි එවුන්ට සෙල්ලන් කරන්න හදපු පිට්ටනියක් තියනවා.සුපිරි සෙල්ලන් කෝච්චියකුත් තියනවා.ඔයා නුවරඑලිය පැත්තේ ආවනම් අනිවාරෙන් යන්න ඕනේ තැනක් තමයි මේ පාර්ක් එක.මෙතන ගිහිල්ලත් රටේ නම කන්නේ නැතිව හරියට හැසිරියල්ලා.
මීලග blog එකෙන් නැවත හමුවෙමු.

Written By - Raveen Pathirana







Friday, January 12, 2018

Jungle Beach Rumassala - රූමස්සල ජන්ගල් බීච්

ආයුබෝවන්.මම දැන් කියන්න යන්නේ ලංකාවේ තවත් ලස්සන beach එකක් ගැනයි.beach කිව්වහම උබලට මතක් වෙන්නේ රැල්ල ගහන සුදුවන් පෙනපිඩු සෑදෙන ඉතා සිනිදු මුදු මොලොක් වැලි තලාව .(උබලට මතක් වෙන දේ මම හොදට දන්නවා.)මොනවා උනත් මේකත් එහෙම beachඑකක් තමයි.
                                                                               



රූමස්සල තියෙන්නේත් කොලබ - කතරගම පාරේ ගාල්ල ආසන්නයේ.ඒ හින්ද කතරගම ගිහිල්ල එද්දී හෝ කතරගම යද්දී මේක බලන්න යන්න පුළුවන්.මෙතන මුහුද එච්චරම රළු නැ.ඒ හින්ද මෙතැනදී මුහුදේ නාන්න උනත් බැරිකමක් නැ.කොහොමඋනත් මුහුදේ නාන එකනම් මම අනුමත කරන්නේ නැ.මම කියන්නෙ ඒක කරන්න කිසි උවමනාවක් නැ.නාන්න ඕනේ නම් shower තියනවා,bathroom තියනවා.මොකටද මුහුදේ නාන්නේ.මුදේ නෑවට  වැඩිපුර ඇග පිරිසිදු වෙන්නේ නෑනේ.අනික ආතල් ගන්න ඕනේ නම් තව කරන්න ඕනෙතරම් වැඩ තියනවා.මොකටද ජීවිතය පරදුවට තියලා ආතල් ගන්නේ.උබලා ඒ ගැනත් හිතහල්ලා.
                         
                        anyway මේකේ විශේෂත්වය තමයි එක පැත්තක beach එකක් හා තවත් පැත්තක කැලයක් පිහිටා තිබීමයි.beach එකට යන්න තියෙන්නේ කැලේ මැද්දෙන් . ගල් ,මුල් ,ගිරි,දුර්ග,පසුකරගෙන යන්න තියෙන්නේ.කඩුගන්නාව වගේ .පොඩි කන්දක් නැගල බහින්නත් තියනවා.මේ හින්ද ඔයා ට්‍රිප් එක යන්නේ වයසක කට්ටිය එක්ක නම් මෙතනට යන ඒක අමාරු වෙයි.කොල්ලන්ට නම් ඒක වැඩක් නෙමෙයි.
                           ඊට පස්සේ උබලා මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මෙතන ඉන්නේ ලංකාවේ එවුන් විතරක් නෙමෙයි කියන එක. foreigners ලත් ගොඩක් ඉන්නවා.උබලා උන්ට කරදර කරන්නේ නැතිව උබලගේ වැඩේ කරගෙන වරෙල්ලා.බොරුවට කරදර ඇතිකර ගන්නේ මොකටද?




මෙතන photos නම් අඩුයි .මම ගහපු  photo කොහෙද කියල හොයාගන්න බැ. මේවා සේරම අන්තර්ජාලයෙන් ගත්තුවා. anyway අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙහෙ වෙරල ආරක්ෂකයෝ නැ.පොලිසිය නැ.ඒ හින්ද තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සලසා ගන්න එක හොදයි ඒ හින්ද මුහුදේ නාන්න කලින් දෙවරක් හිතහල්ලා.අනික පොලිසිය,මුරකාරයෝ නැ කියල දකින දකින තැන කුණු දාන්න එපා. එතන වනසලා එන්න එපා.
මීලග blog එකෙන් නැවත හමුවෙමු.
              කැලේ මැද පාර


Written By - Raveen Pathirana





Mattala Airport - මත්තල එයාර්පොර්ට්

ආයුබෝවන් මම අද කියන්න යන්නේ කොලබ-කතරගම පාරේ බලන්න යන්න තියෙන තවත් තැනක් ගැන.මේක තියෙන්නේ මම කලින් කිව්ව මිරිජ්ජවිල ගාඩ්න් එක ළග. ඒ හින්දා ගාඩ්න් එක බලන්න එනවනම් මේකත් බලලම යන්න.

මේක හාල් ගොඩගහන්න යොදා ගත්තට මේක ඇත්තටම හොදට හදපු  එයාපෝර්ට් එකක් . gate 2ක් තියනවා.

මේ තියෙන්නේ gate 2ක 

London Heathrow එයාපෝර්ට් එක වගේ ඒවා එක්ක සලකා බලද්දී gate 2ක හොදටම මදි.
මේ තියෙන්නේ London Heathrow එයාර්පෝර්ට් එක.මේකේ gate ගාන පුළුවන් වෙලාවක ගැනලා බලහල්ලා.

නමුත් ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටකට මේ වගේ එකක් හදන්න බැ.
  Anyway මේ මත්තල  එයාර්පෝර්ට් එකට හැමදාම ප්ලේන් 1ක් නැත්තම් 2ක් එනවා.ප්ලේන් එන වෙලාවක් බලලම යන්න try කරන්න.
  බලන්න තියෙන දේවල් ගැන කතා කලොත් ගොඩක් දේවල් තියනවා කියන්න.මුලින්ම entrance එක. අවුරුදු 12ට වැඩි හැමෝම Rs.100 ක ටිකට් එකක් ගන්න ඕනේ . අවුරුදු 12ට අඩු අයටනම් ටිකට් ඕනේ නැ. ඊලගට ඔයාට සිදුවෙනවා scanner එකක් හරහා ගමන් කරන්න.Bag පවා scan කරනවා.ඒ නිසා අනවශ්‍ය දේවල් ගෙනියන්න හදල බොරුවට කරදරවලට පත් වෙන්න එපා. ඊට පස්සේ ඔයාට visit එකට යන්න ලැබෙනවා. ගොඩක් දේවල් තියනවා බලන්න.මුලින්ම හමුවෙන්නේ මේ කොරිඩෝව .


ඒක දිගේ එස්සරහට යනකොට ඔයාට හමුවෙයි මෙව්වා.






දැන් ඉතින් සෙල්ෆියක් වගේ ගහගෙන ටිකක් වාඩිවෙලා ඉදලා යන්නයි තියෙන්නේ. වාඩිවෙලා ඉන්න හදපු තැනක් තියනවා ඔතනම.විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයා ගන්න ටිකට් එකෙන් ඔයාට මුළු එයාර්පෝර්ට් එකම බලන්න බැ. සීමිත දුරක් විතරයි යන්න දෙන්නේ.පිස්සු වැඩ කරන්න හදන්නත් එපා .cctv කැමරා හැම තැනම තියනවා.ඕනේ තරම් photos ගන්න . කාර්යමණ්ඩලය කිසිම බාධාවක් කරන්නේ නැ.පිස්සු වැඩ කරන්න යන්න එපා . මුරකාරයන්ගෙන් පොලුපාර කන්න වෙයි.
මීලග blog එකෙන් නැවත හමුවෙමු.
Written By-Raveen Pathirana. 










වැව්රුකන්නල රජමහා විහාරය (Wewrukannala Buduraja Mahaviharaya)

කාලෙකට පස්සේ blog එකක් ලියන්න හිතුනා.මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. මම මීට කලින් උබලට කිව්ව සංකපාල රජමහා විහාරය ගැන.හැබැයි මේ රජමහා විහාරය ...